How to add your business on GoGreenLK

වෙබ් අඩවිය තුළ ඔබගේ භාණ්ඩ / ව්‍යාපාරය පිළිබඳ විස්තර ඇතුළු කරන ආකාරය මෙම පිටුවෙහි විස්තර කෙරෙනු ලබයි.

සැ. යු.: මෙම අඩවියේ පළ කෙරෙනු ලබන්නේ “පරිසර හිතකාමී” ලෙස වර්ග කරනු ලබන, පරිසරයට හානිදායක භාණ්ඩයකට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි “පරිසර හිතකාමී” නිෂ්පාදන හා සේවා පමණී. එම අවශ්‍යතාවය නොසපුරන භාණ්ඩ / සේවා පළ කිරීම් ඉවත් කරනු ලැබෙනු ඇත.

1. වෙබ් අඩවියේ ඉහළ වම්පස මෙනුවෙන් Register පිටුවට ගොස් අඩවියේ ගිණුමක් සාදන්න. ඔබගේ නම / ව්‍යාපාරයේ නම Username ලෙස යොදන්න. ඔබගේ නම, ඊ මේල් ලිපිනය, වෙබ් අඩවියට ඇතුළු වීමට ඔබ යොදාගැනීමට බලාපොරොත්තු වන මුරපදය යොදා, පෝරමය Submit කරන්න. වෙබ් අඩවියෙන් ඔබ වෙත එවන ඊ ලිපියට අනුව ක්‍රියා කර ඔබගේ ගිණුම සක්‍රිය කරගන්න. ඉන්පසු Login පිටුව හරහා වෙබ් අඩවියට Login වන්න.

2. වෙබ් අඩවි මෙනුවේ Business Directory > Add your Business සබැඳියට යන්න.

Category = ඔබගේ නිෂ්පාදන අයත් වන ප්‍රවර්ගය තෝරන්න. (මෙහි නොමැති නම් Other යන්න තෝරන්න).

Listing Details : Title =  දැන්වීමට අදාලව ගැළපෙන නමක් යොදන්න. (ඔබ භාණ්ඩ වර්ග කිහිපයක් නිෂ්පාශනය කරන්නේ නම් ඒ ඒ භාණ්ඩයට වෙන වෙනම Directory Listing සිදු කරන්න. උදා: පොල් කටු නිර්මාණ, ලී හැඳි, පන් බෑග් සඳහා Listing 3ක් සකසන්න.)

Listing Details : Description = ඔබගේ නිෂ්පාදන ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න.

Contact Details: Address = ඔබගේ නිෂ්පාදන මිලට ගත හැකි ලිපිනය / ඔබ සිටින ප්‍රදේශය යොදන්න.
Contact Details: Phone = ඔබගේ දුරකථන අංකය යොදන්න.
Contact Details: Location = ඔබගේ දිස්ත්‍රික්කය
Contact Details: Email = ඔබ සම්බන්ධ කර ගත හැකි ඊ මේල් ලිපිනයක් ලබා දෙන්න.
Contact Details: Zip Code = ඔබගේ ප්‍රදේශයේ Postel Code ලබා දෙන්න (අත්‍යවශ්‍ය නැත)

Images = ඔබගේ නිෂ්පාදන වල ඡායාරූප ලබා දෙන්න. (ඔබට ඡායාරූප 5ක් පමණක් උපරිමට upload කළ හැකිය.) ඡායාරූප ලබා ගැනීමේදී පැහැදිලි, සෘජු ඡායාරූප ලබාගන්න. පසුබිම පිරිසිදුව තබන්න. පසුබිම තනි වර්ණයක් වේ නම් වඩාත් සුදුසුයි. ඡායාරූප 1×1 හෝ 3‍x4 අනුපාතයට දිග පළල තිබේ නම් වඩාත් සුදුසුයි. (මෙය ඔබගේ කැමරාවේ සැකසුම් වල ඇත. නැතිනම් ඡායාරූප ගැළපෙන ලෙස crop කරන්න.)
Video URL: ඔබගේ නිෂ්පාදන සම්බන්ධව youtube/Vimeo Video සබැදීයක් ඔබට මෙහි යෙදිය හැකිය,

‍Your Price = ඔබගේ භාණ්ඩ වල මිලක් යොදන්න. (යෙදීම අත්‍යවශ්‍ය නොවේ)

අවසානව, Post Listing බොත්තම මත ක්ලික් කරන්න.

එම Directory Listing Posting වෙබ් අඩවියේ Moderator කෙනෙකුගේ අධීක්ෂණයෙන් පසුව Approve වනු ඇත.
යම් හෙයකින් ඔබගේ submission එකෙහි ගැටළු ඇති නම් ඒ පිළිබඳව ඊ මේල් හෝ දුරකතන මාර්ගයෙන් විමසනු ඇත.